ඔබේ Laptop එක wifi router කරමු.

How To Make A High Speed Wifi Hotspot By Using Laptop



Wifi Hotspot
ඔයාගේ ලැප් එක Wifi Hotspot එකක් කරන්න ඕනි වෙන්න පුලුවන් මොකද ඒ හරහා තවත් කිහිප දෙනෙකුට හෝ එහෙමත් නැත්නම් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකට නැත්නම් ටැබ් එකටත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ලබාගන්න හැකියාවක් ලැබෙනවා.
අහෙනම් වඩෙ පටන් ගමු.මුලින්ම ඔයා CMD නැත්නම් ඩොස් වින්ඩෝ එක ඕපන් කරගන්න ඕනි , මේ සදහා Start ගිහින් ටයිප් කරන්න CMD කියන එක එතකොට ඔයාට පෙන්නයි Command Prompt කියන එක, ඒක රයිට් ක්ලික් කරලා Run as administrator කියන එක ක්ලික් කරන්න
දැන් ඔයාලට පෙන්නනවා පහල තියනවා වගේ ස්ක්‍රීන් එකක්
Wifi Hotspot

දැන් කරන්න තියෙන්නේ පහලින් අපි දීලා තියන එක කොපි කරලා ඕකේ ඇතුලේ රයිට් ක්ලික් කරලා පේස්ට් කරන එක
netsh wlan set hostednetwork mode=allow ssid=Hotspot key=7Tutorials
Wifi Hotspot

ඕකේ Hotspot කියන්නේ හැදෙන වයි ෆයි නෙට්වර්ක් එකේ නම සහ අන්තිමට තියන 7Tutorials කියන්නේ ඒකට අදාල පාස්වර්ඩ් එක, මේ දෙක ඔයා කැමති විදියකට වෙනස් කරලා වුනත් පේස්ට් කලාට කමක් නැහැ
දැන් කරන්න තියේන්නේ තවත් කමාන්ඩ් එකක් පේස්ට් කරන එක ඒක අපි පහලින් දීලා තියනවා
netsh wlan start hostednetwork
Wifi Hotspot

දැන් ඒ වැඩ ටික ඉවරයි ,තව එක වැඩයි කරන්න තියෙන්නේ ඒ තමයි ඔයා දැනට යූස් කරන නෙට්වර්ක් එක ෂෙයා කරන එක ඒක කරන්න ඔයා යන්න ඕනි Control Panel – Network and Sharing Center,
Wifi Hotspot
දැන් ඔයාට ඔය වගේ නෙට්වර්ක්ස් දෙකක් පෙන්නනවා, පලවෙනි එක ඔයා යූස් කරන එක සහ දෙවනි එක තමයි අපි දැන් අලුතින් හදාගන තියන වයි ෆයි හොට්ස්පොට් එක, දැන් කරන්න තියෙන්නේ අපි ඔය කොටු කරලා තියන Change Adapter settings කියන එක ක්ලික් කරන එක, ඊට පස්සේ පෙන්නනවා දැනට ඔයා යූස් කරන නෙට්වර්ක්ස් ඇඩැප්ටර්ස්ස් ටික, එතනින් තෝරගන්න ඔයාලා ඉන්ටර්නෙට් යන්න දැන් භාවිතාකරන එක (ලෑන් හෝ USB ඩොන්ගල් එකට අදාල කනෙක්ෂන් එක)
Wifi Hotspot
දැන් ඉහල පෙන්නලා තියනවා වගේ අදාල කනෙක්ෂන් එකේ ප්‍රොපර්ටීස් ක්ලික් කරලා ෂෙයාරින් කියන එකට ගිහින් ඔය පෙන්නන කොටුවේ ටික් එකක් දාන්න, ඊට පස්සේ පහල තියන ඩ්‍රොප් ඩවුන් එක සිලෙක්ට් කරලා Local Area Connection*13 කියන එක දෙන්න ඊට පස්සේ ඕකේ කරන්න
දැන් ඔයාට බලන්න පුලුවන් ස්මාර්ට් ෆෝන් එකෙන් හරි ටැබ් එකෙන් හරි ඔයා දැන් හදාගත්තු අලුත් වයි ෆයි හොට්ස්පොට් එක Wifi Hotspot වැඩ කරන හැටි, විශේෂම දෙය වෙන්නේ මේ විදියට ඔයා හදාගන්න හොට්ස්පොට් එකේ ස්පීඩ් එක සාමාන්‍ය වයිෆයි රවුටර් එකකින් දෙන ස්පීඩ් එකට වඩා ගොඩක් වේගවත් සහ ස්පීඩ් අතින් වැඩිවීම
මේ ගැන ප්‍රශ්න තියනවානම් සහ ඔයාලගේ අදහස් අපිට කමෙන්ට් කරන්න.
තෙරුන් නෙත්තන් මෙ විඩෙඕ එක බලන්න.

Share this

Related Posts

Previous
Next Post »

7 comments

comments

E MONEY