කාලයක් තිස්සේ වෙබ් ඩිසයිනින් කර කර ඉදලා ඒ ආපු දේවල් එක්ක පෝස්ට් එකක් ලියන්න හිතුනා වෙබ් ඩිසයිනර් ලා බහුලව සිදු කරන වැරදි මොනවාද කියලා. මේ දේවල් වලක්වා ගැනීමෙන් සාර්ථක වෙබ් අඩවියක් නිපදවා ගන්න තවත් පහසු වෙයි.
1) ෆ්ලෑෂ් අවශ්‍යම විටදී පමණක් යොදාගන්න
බොහෝමක් වෙබ් අඩවි වල ෆ්ලෑෂ් යොදාගැනීම අතිශයින් ලොකු විදියට දකින්න තියෙනවා. අවශ්‍ය ස්ථාන වලදි හැරෙන්න ෆ්ලෑෂ් යොදා ගැනීමේදී පිවිසුම් කාලය වැඩි වන නිසා, ඒ ගැන දෙවරක් නෙමෙයි කීපවරක්ම හිතන්න. වෙබ් අඩවිය තත්පර 5-15ත් අතර කාලයකදී පිවිසුනේ නැතිනම් හැරිලා යන පාරිභෝගිකයන් ගණන 68% කටත් වැඩියි. ඒක නිසා අවශ්‍යම ස්ථානයන් හී හැරෙන්න, අනිත් තැන් වලදී ෆ්ලෑෂ් අවශ්‍යම නැහැ.
2) සරල ඡේදයන් යොදාගන්න
බොහෝමයක් දෙනා හැම විස්තරයක්ම පලවෙනි පිටුවේම, එහෙමත් නැතිනම් Landing page එකේම කියන්න යනවා. ඒක අතිශයින්ම හානිකර වැඩක්. මොකද පරිශීලකයාට අවශ්‍ය තොරතුරු Scan කරගන්න බැරිනම් බොහෝවිට එම වෙබ් අඩවිය අත්හැරලා යන්න තියෙන ඉඩකඩ වැඩියි. එහෙම විස්තර කියන්න අවශ්‍ය ස්ථාන වලදී Read more/See more/Know more වගේ ලින්ක් එකක් යොදාගෙන පිටුවක් සම්බන්ධ කරන්න. ඒ වගේ කලාම හොද SiteMap එකකුත් ලැබෙනවා. අනිත් දේ වෙබ් අඩවියට පිලිවලකුත් ලැබෙනවා.
3) නියමාකාර කලර් පැලට් එකක් යොදාගන්න
ලංකාවේ වෙබ් ඩිසයිනර්ලා බොහෝමයක් අතින් බහුලවම වෙන වැරැද්ද තමා මේ. නිසියාකාර කලර් පැලට් එකක් යොදා නොගැනීම. ඇත්තෙන්ම කියනවානම් සමහර සයිට් වලට ගියාම බලන්න ආසාවේ බැහැ. එක එක පාට ඇස් කඩාගෙන යන විදියට. මොනවා හරි කියවාගන්න අවශ්‍ය නම් ඒ ටික කොපි කරගෙන වෙනම ටෙක්ස්ට් එඩිටර් එකකට පේස්ට් කරලා කියවගන්න ඕනේ. ඇහැ කඩාගෙන යන වර්ණ නෙමෙයි, හොද කලර් පැලට් එකක් යොදාගන්න. කලර් පැලට් එකක් අවශ්‍ය නම් මෙතනින් ගන්න පුළුවන්. තවම alpha මට්ටමේ තියෙන මෘදුකාංගයක්.
http://apps.eezpal.com/paint_me
4) ඡායාරූපයන් යොදාගැනීමේදී අතිශයින්ම සැලකිලිමත් වන්න
බොහෝමයක් නවක වෙබ් නිර්මාණකරුවන් කරන වැරැද්දක් තමා ඡායාරූපයන් යොදාගැනීමේදී අන්තර්ජාලයෙන් ඔහේ හොයාගන්න පුළුවන් ඡායාරූපයන් යොදාගැනීම. වෙබ් අඩවියේ හොද පෙනුමක් ලබා ගන්න අවශ්‍ය නම් තමන් භාවිතා කරන ඡායාරූපයන් හොද තත්වයෙන් ලබාගැනීම අවශ්‍යයි. තමන් නිපදවන වෙබ් අඩවියට අදාල ඡායාරූපයන් වෘත්තීමය මට්ටමේ ශිල්පියෙක්ගෙන් මිලදී ගන්න හැකියාව තියෙනවා නම් ගොඩක්ම සාර්ථකයි.
5) Font යොදාගැනීමේද Ui/Ux පිලිපදින්න
බොහොමක් දෙනා තමන්ගේ වෙබ් අඩවියට යොදාගන්නේ තමන්ට ලස්සනම කියලා හිතෙන ෆොන්ට් එක.එහෙමත් නැතිනම් ෆොන්ට් එකක් යොදාගන්නේම නැහැ. පෙරනිමියෙන් ලැබෙන ෆොන්ට් යොදාගැනීම තමයි සිදුකරන්නේ. නමුත් Google Web fonts වගේ යොදාගැනීමෙන් අපිට බොහෝම හොද ෆොන්ට් එකතුකරගන්න පුළුවන් අපේ වෙබ් අඩවියට ඉතාමත් ලේසියෙන්. ඒ වගේම තමන්ට වුනත් Web font මාදිලියෙන් තමන්ට අවශ්‍ය කරන ෆොන්ට් එක එකතු කරගන්න පුළුවන්. නමුත් එක දෙයක් කියන්න ඕනේ. මේ විදියට ෆොන්ට් යොදාගත්තාම තමන්ගේ වෙබ් අඩවියේ පිවිසුම් කාලය ඉහල යනවා. ඒක නිසා අවශ්‍ය විදියට පමණක් යොදා ගැනීම සිදුකරන්න ඕනේ.
දැනට මේ පෝස්ට් එකට මම ලියන්නේ කරුණු පහක් විතරයි. ඉතිරි කරුණු පහ මීලග පෝස්ට් එකෙන් ලබාදෙන්නම්. තවත් එකතු කරන්න දේවල් තියෙනවානම් පහලින් කොමන්ට් එකක් දාලා යන්න.
ඔය එකී මෙකී නොකී සේරම වැරදි නැතිව හොද වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න අවශ්‍ය නම් අපිට කථා කරන්න. http://eezpal.com

