මෝඩයාගේ දවසේ ඔබත් මේවාට ඇන්දුනා ද?


ලොව පුරා ආයතන තමන්ගේ අප්‍රේල් විහිළු අන්තර්ජාලයට වගේම පුවත් පත් හරහා පවා නිකුත් කර තිබුනා. මේ ඒවායින් තෝරාගත් කීපයක්. eezpal අපිත් විහිළුවක් නොවන විහිළුවක් නිකුත් කර තිබුනත් හැම දෙනාම ඒ විහිළුවක් පමණක් යැයි සිතා තිබුනා. ඒ cPanel සර්වර් එකක් මුලින්ම මිලදී ගැනීමේදී IMAFOOL යන කූපන් එක භාවිතා කිරීමෙන් එය නොමිලේ ලබාගත හැකි යැයි සඳහන් කිරීම. කෙසේ නමුත් IMAFOOL යන කේතය මගින් සැබැවින්ම cPanel 15GiBRAM/1TB HDD සර්වර් එකක් අවුරුද්දක කාලයක් නොමිලේ ලබාගැනීමේ හැකියාව ලබාදී තිබුනා.




1) ගූගල් මැප් වල පැක්මන් දිවීම


ගූගල් වෙතින් නිවේදනය කලා ගූගල් මැප් වල පැක්මන් දිවීමේ හැකියාව ලබාදෙන බවට. ඒ අනුව ඇත්තටම පැක්මන් ගේම් එක ගූගල් මැප් එකේ මැප් මත ධාවනය කිරීමේ හැකියාවත් ලබාදීලා තිබුනා.

https://support.google.com/maps/answer/6178227?hl=en

2) සැම්සන්ග් වෙතින් ගැලැක්සි බ්ලේඩ්



සැම්සන්ග් සමාගම වෙතින් අළුතින්ම ගැලැක්සි බ්ලේඩ් නමින් ජංගම දුරකථනයක් හදුන්වාදෙන බවට සැම්සන්ග් Tomorrow හී වාර්ථා කර තිබුනා. දියමන්ති තලයකින් හෙබි පිහියක් වන මෙය ජලයට ඔරොත්තු දෙන සූපවේදීන් සඳහා හදුන්වා දෙන පිහියක් ලෙසින් භාවිතා කල හැකි ජංගම දුරකථනයක්. නමුත් එම බ්ලොග් සටහන අවසානයේ මෙලෙස සඳහන් කර තිබුනා.

As most of you will have noticed, this is not a real product or concept by Samsung at all – at least not yet. 

කෙසේ නමුත් මෙවැනි නිපැයුමක් එන්නට ඇති අවකාශය අඩුයි.

http://global.samsungtomorrow.com/galaxy-blade-edge-chefs-edition/

3) CERN පර්යේෂණ ආයතනයෙන් Force ඇතියැයි සනාථ කිරීම



Cern පර්යේෂණ ආයතනයේ නිල ටුවිටර් ගිණුම හරහා the force (විද්‍යා ප්‍රබන්ධයක් වන Star wars හී එන්නක්) ඇතියැයි සනාථ වී ඇති බවට නිවේදනයක් නිකුත් කලා සේයාරුවකුත් සමගම. මමත් තරමක් ඇන්දුන තැනක් තමයි මේක. මොකද CERN ආයතනය මෙවැනි විහිලු කිරීම හිතාගන්න බැහැ. මම හිතන හැටියට වැඩිම පිරිසක් ඇන්දුන විහිලුවක් වෙන්න ඕනේ මේක.

https://twitter.com/CERN/status/583147747710263296

4) BMW සමාගම වෙතින් ලබාදෙන නවතම දත් ආවරණය



ක්‍රීඩකයන්ගේ දත් වලට වෙන අනතුරු අවම කිරීමේ උපාංගයක් ලෙසින් මෝටර් මවුත් හදුන්වා දී තිබුනා BMW සමාගම විසින්. එපමනකින් නොනැවතී ඔවුන් එය සදහා වීඩියෝවක් ද සකසා තිබුනා. බොහෝ දෙනෙක් මෙය මිලදී ගැනීමට ද උත්සහ කර තිබූ බවට ඔවුන් වාර්ථා කර තිබුනා.

https://twitter.com/BMW_UK/status/583154337943146496

5) Honda සෙල්ෆි එඩිෂන්



ඔබත් සෙල්ෆි වලට ඇබ්බැහි වූ අයෙක් ද? මෙම පුවත නම් ඔබට අප්‍රේල් විහිළුවකටත් වඩා සතුටු දායක වනවාට නොඅනුමානයි. හොන්ඩා සමාගම විසින් හදුන්වා දෙන කැමරා 10කින් සමන්විත හොන්ඩා සෙල්ෆි එඩිෂන් එකක් මිලදී ගැනීමට ලොව පුරා සෙල්ෆි වලට ඇබ්බැහි වී ඇති ඔබ සියළු දෙනාටම ලගදීම අවස්ථාව හිමි නොවේවි.

http://automobiles.honda.com/hrvselfie/

Share this

Related Posts

Previous
Next Post »

E MONEY