Emoney - හැදින්වීම.


හොදයි.ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන එක දැන් ගොඩාක් අය කරන දෙයක්.ඒත් මේක හරියට නිවැරදිව කරන්නෙ බොහොම ටික දෙනයි.අනිත් කාරණේ තමා ගොඩාක් අය මේක පටන් අරගෙන දවසෙන් දෙකෙන් මේක අත්අරිනවා.මොකද පටන් ගත්ත ගමන් ගන්න පුලුවන් සත ගාණක් විතර නිසා.ඉන්ටෙනට් එකෙන් නිවැරදිව සල්ලි හොයන්න පුලුවන් වෙනකන් ටිකක් පොඩි කට්ටක් කන්න වෙනවා.ඊට පස්සෙ ඉතින් සූර් වෙන්නම හොයත හැකි.
ඊමනි ගැන කතා කරන්න කලින් කියන්න ඕනි තරමකට එනකන් හැමදාම ඉන්ටනෙට් එකේ ඉදගෙන ටිකක් උත්සාහ කරන්න ඕනි.දැන් අපි බලමු මොනවද ඉන්නෙට් එකෙන් සල්ලි හොයන මාර්ග කියලා.
PTC(Paid To Click)
ඊමනි වලට අලුත් අය මුලින්ම කරන්නෙ මේක.අර මං කිවුව දවසෙන් දෙකෙන් ඊමනි අතඅරින අය කරන්නෙත් මේක.මේකෙන් කොහොමත් ගෙවන්නෙ සොච්චමයි.ඒත් උත්සාහ කළොත් ටිකක් හොයන්න පුලුවන්.මේකෙදි වෙන්නෙ අපි දැන්වීම් ක්ලික් කරනවා.ඒකෙන් අපිට සල්ලි ලැබෙනවා.මෙන්න මේ නිසා තමා හුගක් අය මේක කරන්න පෙලඹෙන්නෙ.මොකද නිකන් ඇඩ් ක්ලික් කර කර ඉන්නනෙ තියෙන්නෙ.නමුත් මේ PTC සයිට් විශ්වාස නැති සයිට්.මොකද කොයි වෙලේ ව්‍යාජ(scam)වෙයිද කියන්න බෑ.හැම වෙලාවෙම දෙගිඩියාවෙන් තමා ඉන්න ඕනි.මේ ව්‍යාජ සයිට් වලින් අපිට ගෙවන්නෙ නෑ.ගෙවනවා වගේ අගවනවා විතරයි.ඉතින් මේ වගේ සයිට් වල වැඩ කළොත් වෙන්නෙ ඔයාගෙ කාලෙ නාස්ති වෙන එක විතරයි.
Data Entry Jobs
මේක නං කලින් කිවුව වගේ නිකන් ඉදල හොයන්න පුලුවන් එකක් නෙවේ.මේකෙදි අපිට පොඩි පොඩි රැකියා කරන්න වෙනවා.ඒ වගේම මේවා හොදට විශ්වාසනීයයි.ඒ වගේම හොදට ගෙවනවා.අපිට විවිධ රැකියා කරල මේකෙන් සල්ලි හොයන්න පුලුවන්.graphic design,logo design,web design වගේ රැකියා තමා කරන්න තියෙන්නේ.
හරි..........මම ඊලග ලිපියෙන් කියල දෙන්නම් තව ඊමනි ගැන විස්තර ටිකක්.

Share this

Related Posts

Previous
Next Post »

E MONEY